තායි ලෙනෙන් ඛේරාගත් දරුවන් රෝහලින් මුදා හැරෙයි

දින 18 කට ආසන්න කාලයක් පොලව අභ්‍යන්තරයේ ගුහාවක සිරව සිට ඛේරාගත් තායිලන්තයේ වයාල්ඩ් බෝර් පාපන්දු කණ්ඩායමේ සිසුන් අද රෝහලෙන් පිටත්ව ගියා.
ඒ වෛද්‍යවරුන් විසින් ඔවුන් නීරෝගී තත්ත්වයෙන් පසුවන බව තහවුරු කිරීමෙන් පසුවයි.
කෙසේ වෙතත් ඔවුන්ට මාසයක් ගතවන තුරු මාධ්‍යවේදීන් හමුවීමට ඉඩ ලබා නොදෙන ලෙසයි වෛද්‍යවරුන් දෙමාපියන්ට දැනුම්දී ඇත්තේ.
ඒ ඔවුන්ගේ මානසික තත්ත්වය යළි ඇද වැටීමේ අවදානමක් මෙම අනතුර පිළිබද දිගින් දිගටම සිහි කළහොත් ඇතිවිය හැකි බැවිනුයි.
මෙම සිසුන් පිරිස දින 8ක් ගත වන තෙක් සොයාගත නොහැකිව සිටි අතර ඒ වන විට ඔවුන් සතුව තිබූ ආහාර පවා අවසන්වී තිබුණා.
එහෙත් ඔවුන් එම තත්ත්වය මැනවින් පාලනය කර ගැනීමට සමත්ව ඇති බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ.
මෙම සිසුන් ගුහාවට ඇතුලුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් නොපැවැත්වෙනු ඇති බවද තායිලන්ත රජය සදහන් කර තිඛෙනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish