මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් කොටුවෙයි

පාතාල කල්ලි නායකයකු වන මාකදුරේ මධූෂ්ග් ප්‍රධාන ගෝලයකු වන ජෝශප් කුමාර ඇතුලු තවත් 3න් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ වැලිපැන්න ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් ළඟ තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය කියා සිටියේ.

කලුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්  වැටලීම සිදුකර ඇති අතර එහිදී  මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්,  මැගසිනයක් සහ ජීව උණ්ඩ 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ මෝටර් රථයක් පොලිසිය භාරයට ගෙන තිඛෙනවා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :