බලය සහ දූෂණය අතර සබැඳියාව බින්දා / ජනපති කියයි

අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර, බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමින්.
මේ එහිදී ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාවයි.

මා ඉතාමත් සතුටු වෙනවා සමුළුවට සහභාගීවීමට ලැබීම පිළිබඳව. ඔබ ඇසූ ප‍්‍රශ්නය පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා. විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය අවධානය යොමු කරන ප‍්‍රධාන ඉසව්වක් තමයි දූෂණය සහ නාස්තිය. දූෂණය, වංචාව, නාස්තිය මුලිනුපුටා දැමීම සඳහා එහිදී කළ යුතු ප‍්‍රධාන දේ තමයි බලය හා දූෂණය අතරේ තිබෙන සම්බන්ධතාවය වෙන්කිරීම. බලය සහ දූෂණය එකට ගමන් කරන්නේ. ප‍්‍රධාන වශයෙන් දේශපාලන ක්ෂේත‍්‍රයේ වේවා රාජ්‍ය නිලධාරීන් තුළ වේවා ඔවුන් සතු පෞද්ගලික බලය හැකිතරම් අවම කිරීමත් බලය සාමූහිකත්වයට භාරදීමත් ව්‍යවස්ථාපිත වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා.

මම ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන අවස්ථාවේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට තිබුණේ ලෝකයේ කිසිම රටක රාජ්‍ය නායකයෙකුට නොමැති අසීමිත විධායක බලයක්. ඒ අසීමිත විධායක බලය සමග තමයි දූෂණය ගමන් කරමින් තිබුණේ. ඒ නිසා මම ජනාධිපති ලෙස පත්වී මුලින්ම කළේ, පළවෙනි මාස හය තුළ විධායක ජනාධිපතිවරයා සතුව තිබූ, අසීමිත විධායක බලය මගෙන් ඉවත් කරලා පාර්ලිමේන්තුවට ලබාදීමයි. ඒ තුළින් පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කළා. මම ඒ බලය පාර්ලිමේන්තුවට දීමට පෙර ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිමතය මත තමයි ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරු පත්කළේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පත්කළේ. නීතිපතිවරයා පත්කළේ. පොලිස්පතිවරයා පත්කළේ. කොමිෂන් සභා ස්වාධීන කොමිෂන් සභා විදියට හැඳින්වූවත් ඒ කොමිෂන් සභාවලට පත්කරන සියලු කොමසාරිස්වරු ජනාධිපතිවරයාගේ තනි අභිමතය මතයි පත්කළේ. ඒ නිසා මම පාර්ලිමේන්තුවේ සිටින සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක් කරලා විධායක ජනාධිපතිවරයා ලෙස මා සතුව තිබූ අසීමිත බලය පාර්ලිමේන්තුවට දී එයින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළා.

අද ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත ස්වාධීන ස්වාධීන කොමිෂන් සභා යටතට ගැණෙන අධිකරණය, දූෂණ වංචා කොමිෂන්, රාජ්‍ය පරිපාලනය, විගණනය, මානව හිමිකම් ආදී කොමිෂන් සභා සියල්ලෙහිම කොමසාරිස්වරු පත්කරන්නේ පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලැබූ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් මගින්. ඒ සියලු කොමිෂන් සභා දැන් ස්වාධීන වෙලා තියෙනවා. මගේ රටේ අධිකරණය දේශපාලන බලපෑම් නිසා බරපතළ ලෙස දූෂිත වෙලා තිබුණේ. ගුණාත්මකභාවයෙන් සහ ප‍්‍රමිතියෙන් පහළ වැටිලා තිබුණේ. අද කිසිදු දේශපාලනඥයෙකුට අත ගහන්න බැරි ආකාරයට අධිකරණය ශක්තිමත් වෙලා තිබෙනවා. අල්ලස, දූෂණය සම්බන්ධයෙන් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරලා, බලතල වැඩි කරලා කිසිදු දේශපාලනඥයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකුට එයට බලපෑම් කළ නොහැකි ආකාරයට ඒවා ශක්තිමත් කර තිබෙනවා. දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, රටේ සාමාන්‍ය පුරවැසියන්, ව්‍යාපාරිකයින් මේ සියලු දෙනා සහ ආයතන, ස්වාධීන කොමිෂන් සභාවල බලයට යටත් වෙනවා. ඒ වගේම දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා සම්මන්ත‍්‍රණ, වැඩමුළු සාකච්ඡා ආදී විවිධ වැඩසටහන් රාශියක් කෙරීගෙන යනවා. ඒ වගේම පොදුවේ සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවා දූෂණ වංචා සම්බන්ධයෙන් සිවිල් ජනතාවට තිබෙන බලතල භාවිතා කරන්නේ කෙසේද. පැමිණිලි කිරීම්, ක‍්‍රියාකිරීම් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරනවා.

ස්තූතියි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish