සියවසේ විශිෂ්ටයාට 100යි / ලොවම මතකය සිහිකරයි

ලොව විශිෂ්ට චරිතයක් ලෙස සැකලෙන දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සියවන ජන්ම දිනය අද ලොව පුරා සමරනු ලැබුවා.
ඒ ඔහුගේ විශිෂ්ට මෙහෙවර අගය කරමිනුයි.
1918 වසරේ ජුලි 18 වනදා උපත ලැබූ නෙල්සන් මැන්ඩෙලා මහතා 2013 වසරේ දෙසැම්බර් මාසයේදී මරණයට පත්වුණා.
ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 95 ක්.
දකුුණු අප්‍රිකානු රාජකීය පෙළපතක උපත ලද මැන්ඩෙලා මහතා එවක පැවැති වර්ගභේදවාදයට එරෙහිව හඩ නැගීම හේතුවෙන් වසර 27ක් සිර දඩුවම් විදිනු ලැබුවා.
අනතුරුවයි ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරයට පත්වුණේ.
නොඛෙල් සාම ත්‍යාගයෙන්ද පුද ලද ඔහු වසර 5ක් දකුණු අප්‍රිකාව් ජනාධිපති ධූරය හොබවනු ලැබුවා.
එම සමයේදී වර්ග භේදවාදයේ ගැටලු සාමකාමීව හා නම්‍යශීලීව ඔහු විසින් විසදූ ආකාරය අදද ඇගයීමට ලක්වනවා.
එවන් විශිෂ්ට නායකයින් කිහිප දෙනකු පමණක් 20 වන සියවසේ සිට මේ දක්වා බිහිව ඇති අතර ඉන් ප්‍රමුඛ චරිතයක් ලෙසයි මැන්ඩෙලා නාමය ඉතිහාසගත වන්නේ.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :