මෙරට තුල මරණ දඩුවම ක්‍රියාවට නංවුවහොත් වාහම ක්‍රියාත්මක වන පරිදි යුරෝපා ජී එස් පී ප්ලස් සහනය අත්හිටුවීමට නියමිත බව වාර්තාවනවා.
ඊට අදාළ දැනුම්දීමක් මේ වන විටත් ආණ්ඩුවට සිදුකර ඇති බවයි යුරෝපා තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ.
යුරෝපා සංගමයේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් 2010 වසරේදීත් ලංකාවට එම සහනය අහිමි කෙරුණා.
එය යළි හිමිකර ගනු ලැබුවේ පසුගිය වසරේ මැයි මාසයේදීයි.
වාර්ෂිකව ජී එස් පී ප්ලස් සහනය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ආදායමක් හිමිවන බවයි තක්සේරු කර ඇත්තේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :