දේශීය ගුවන් ගමන් සදහා කටුනායකට නව පර්යන්තයක්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුල දේශීය ගුවන් ගමන් සදහා නව පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අඛේසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ඒ අනුව කටුනායක සිට දිවයිනේ අනෙක් ගුවන් තොටුපල වෙත මෙම දේශීය ගුවන් ගමන් මෙම පර්යන්තයේ සිට මෙහෙයවන බවයි ප්‍රකාශ වන්නේ.
මෙය රාජ්‍ය හා පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමටද යෝජනා කර තිඛෙනවා.
සීගිරිය / මඩකලපුව / පළාලි / හිගුරක්ගොඩ / කොග්ගල හා ත්‍රීකුණාමලය වෙත මෙම අභ්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති.
මේ හරහා සංචාරක කර්මාන්තයේ සීඝ්‍ර වර්ධනයක් සිදුවනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :