ඉන්දියාවේ යුධ නෞකා සහ වරායන්ට පහරදීම සදහා ජායිෂ් ඊ මොහොම්මඩ් ත්‍රස්ත සංවිධානය සිදුකරන සැලසුමක් පිළිබද අනාවරන කරගෙන තිඛෙනවා.
ඒ අනුව මේ වන විටත් කිමිදුම්කරුවන් උපයෝගී කර ගනිමින් ත්‍රස්තවාදීන් ඉන්දියාවට ආසන්න ගැඹුරු මුහුදේ මෙම පෙරහුරු සිදුකරන බවයි ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණ කරගෙන ඇත්තේ.
ඒ සමග විශේෂ සෝනාර් හා උපක්‍රම යොදා ගනිමින් ඉන්දියාවේ සියලුම යුධ නෞකා හා වරායන් ආශ්‍රීතව ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිඛෙනවා.
ඉන්දියාවේ බැලස්ටික් මිසයිල සහිත යුධ නෞකා පුපුරුවා හැර බරපතල හානියක් සිදුකිරීම මෙම ත්‍රස්ත සැලසුම බව හෙළිව තිඛෙනවා.
මෙය කිසිසේත්ම සුලුවෙන් නොතකන අතර දැඩි පියවර ගන්නා බවයි ඉන්දී්‍ය රජය සදහන් කරන්නේ.ත
මෙම ත්‍රස්ත සංවිධානය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන බවද අනාවරණ වී තිඛෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :