නිව්යෝර්ක් ටයිම්ස් විවාදය ඇරඹෙයි / හිටපු ජනපති විවාදයට නෑ

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පසුගිය ජනාධිපතිවරණ සමයේ චීන සමාගමක් විසින් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ලබාදුන් බවට පල කළ වාර්තාව සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් ලබාදුන් බවටයි ජුනි 26 වනදා එම පුවත්පත චෝදනා එල්ල කර තිබුණේ.කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා මෙන්ම අදාළ චීන සමාගමද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණා.

විවාදය සදහා යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර තිඛෙනවා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම විවාදයට එක්වන්නේ නැහැ. ඒ ඔහු මේ වන විට විදෙස්ගතව සිටීම හේතුවෙන්.විවාදය අද පස්වරු 6යි 30 තෙක් පැවැත්වීමට නියමිතයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :