කට වරද්දාගත් මහ ඇමතිට එරෙහිව ජවිපෙ අල්ලස් කොමිසමට

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අද ප්‍රකාශ කළා.
ඒ නිදහස් පක්ෂ කලාවැව ආසන බල මණ්ඩල රැස්වීමේදී සිදුකළ ප්‍රකාශයන් පදනම් කරගෙනයි.
තමන්ට යම් ප්‍රශ්නයක් ඇති කරන මන්ත්‍රීවරුන්ට රැකියාවක් හෝ කොන්ත්‍රාත්තුවක් ලබාදී එය සමනය කරගන්නා බවට සිදුකළ ප්‍රකාශයෙන් ඔහු අල්ලස් ලබාදෙන බව ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති බවයි සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ.
මහ ඇමතිවරයා අල්ලස් ලබාදෙන බවට තමන්ට තොරතුරු ලැබී තිබුණද ඔහු විසින්ම එය ප්‍රසිද්ධියේ පිළිගන්නා තෙක් එය තහවුරු කිරීමට නොහැකිව සිටි බවයි ඔහු සදහන් කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish