මානව හිමිකම් සභාපතිනියට මරණ දඩුවම නිසා තර්ජන

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිඛෙනවා.
මරණ දඩුවමට විරෝධය පල කරමින් ඇය නිකුත් කළ නිවේදනය හේතුවෙන් විවිධ තර්ජන හා ද්වේශ සහගත ප්‍රකාශ සිදුකිරීම මුල් කර ගනිමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව නිවේදනය කළා.

“ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් තරයේ හෙළා දකින අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව පත් කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයකි.

මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීමත් සහ එවැනි වගකීම් රහිත ප්‍රකාශනයන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීමත්, බරපතළ කාරණයකි.

සභාපතිනියගේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් පොලිස්පති වෙත තවදුරටත් උපදෙස් ලබා දී ඇත.”

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish