මහ බැංකු බැදුම්කර වංචාවේ චූදිතයින් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන්ට අද දහවල් 1.30 වන තෙක්ම බන්ධනාගාරයෙන් කිසිදු ආහාරයක් ලබාදී නොමැති බව අදිකරණය හමුවේ ප්‍රකාශ කර තිඛෙනවා.
ඒ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා හරහායි.බැදුම්කර වංචාවට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැදවු අවස්ථාවේ දී නීතීඥවරයා දැනුම්දුන්නේ  අද දහවල් 1 යි 30 වන තෙක්ම ඔවුන්ට දිවා ආහාරය ලබාදී නොතිබූ බවයි.
කෙසේ වෙතත් එහිදී අධිකරණයට කරුණු දක්වමින් බන්ධනාගාර නිලධාරියකු සදහන් කළේ නඩුව විභාගයට ගැනීමට පෙර දහවල් 1යි 30ට ඔවුන්ට දිවා ආහාරය ලබාදුන් බවයි.
ඒ අනුව විත්තිකරුන් එසේ නිරාහාරව තැබීමෙන් වලකින ලෙසයි මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට අවවාද කර ඇත්තේ.
සිද්ධියට අදාළ සැකකරුවන් යලි ලබන මස දෙවනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :