හිමිනමකට අමානුෂික ලෙස නවක වදය දුන් චීවරධාරීන් 5 දෙනකු රිමාන්ඩ්

රුහුණු සරසවියේ පලමු වසරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට චීවරය ගලවා අමානුෂික ලෙස නවක වදය ලබාදුන් එම සරසවියේ ජ්‍යෙෂ්ට චීවර ධාරී සිසුන් 5 දෙනකු රක්ෂිත බන්ධනාගාරගතකර තිඛෙනවා.
ඒ මාතර මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ලබාදුන් නියෝගයක් මතයි.
එසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ එම විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන මාතර සියඹලාගොඩ ධම්මික/ හික්කඩුවේ ඇටම්පිටියේ ධම්මරක්ඛිත /බඩල්කුඹුරේ ලුණුගල ජනපදයේ පඤ්ඤාසාර /බණ්ඩාරවෙල හටන්ගල අමිත හා බලංගොඩ දෙනගම සෝභිත යන පිරිසයි.
භික්ෂු නේවාසිකාගාරයේ නාන කාමරය තුලදී සැකකාර හිමිවරුන් පැමිණිලිකාර හිමියන් නිරුවත් කොට නවක වධය ලබා දී ඇති බවයි පොලිසිය කරුණු වාර්තාකර ඇත්තේ.
පැමිණිලිකාර හිමියන්ට වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා පොලීසිය මාතර මහ රෝහල වෙත ඇතුලත්වන ලෙසට උපදෙස් ලබා දී තිබුණද උන්වහන්සේ සරසවි අධ්‍යාපනය තවදුරටත් අනවශ්‍ය බව පවසා විහාරස්ථානය බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish