බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකු ලංකාවෙන් අල්ලස් ගත් හැටි හෙළිවෙයි

පසුගිය රජය සමයේ මෙරටින් විදේශ සංචාර ඇතුළු වරප්‍රසාද ලබා ගනිමින් ඒ බව හෙළි නොකළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලිට පැනවූ දින 30ක තහනම සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
ඔහුට එරෙහිව මෙම තහනම පැනවුණේ 2013 වසරේ මහින්ද රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාවේ රජය ලබාදුන් විදෙස් සංචාර 2ක් පිළිබද කරුණු හෙළි නොකිරීමේ චෝදනා මතයි.
මෙහිදී ඔහු වෙනුවෙන් පසුගිය රජය රුපියල් දෙකෝටි විසි ලක්ෂයක වරප්‍රසාද ලබාදී ඇති අතර ඔහුගේ පවුලේ සාමාජිකයින්ද මෙරට සංචාරය කර ඇති බවයි හෙළිව ඇත්තේ.
මෙම වරප්‍රසාද ලබා ගනිමින් ඔහු ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කර ඇති බවටද එරට පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ලවුණා.
එම සමයේ දී මන්ත්‍රීවරයා විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය දැරූ ඩේවිඩ් කැමරන් මහතාට ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට පක්ෂ වන ලෙසයි.
ඒ අනුව අල්ලස් ලබා ගනිමින් ඔහු මෙසේ හැසිර ඇති බවට වන චෝදනා පිළිබද පරීක්ෂණයක්ද ක්‍රියාත්මකයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :