ශ්‍රී ලංකන් ලොක්කෝ ආයතනයත් කා රටත් කන්නේ මෙහෙමයි

රටට දැවැන්ත බරක් හා පාඩු අත්කරමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරීන් දැවැන්ත හා අසාමාන්‍ය වැටුප් ලබා ගනිමින් සිටින බව අනාවරණවී තිඛෙනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සඳහා වන කොමිෂන් සභාවේ පැවැති අභියාචන විභාගයකදීයි ඊයේ මේ බව අනාවරණ කෙරුණේ.

ඒ අනුව ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප රුපියල් ලක්ෂ 32ක් වන අතර ඊට අමතරව විවිධ වරප්‍රසාදයන්ද ඔහුට හිමිවෙමින් පවතිනවා.

ඊට මෝටර් රථ / ඉන්ධන හා දුරකථන දීමනාවන්ද ඇතුලත්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සුරේන් රත්වත්ත මහතා ඒ 320 ජෙට් කන්වර්ෂන් ගුවන් යානයේ පෞද්ගලික පියාසර පුහුණුව සඳහා ඇමෙරිකානු ඩොලර් 23568ක් හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී  ලංකා රුපියල් ලක්ෂ 37ක් වැය කර ඇති බවයි කොමිසම හමුවේ හෙළිව ඇත්තේ.

ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය විසින් මෙම තොරතුරු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ඉල්ලා තිබුණද එම සමාගම විසින් අදාළ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණා.
ඒ අනුවයි ඔහුව් තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේ.
මෙහිදී හෙළිව ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  මානව සම්පත් කළමනාකාර ප්‍රධානීගේ මූලික වැටුප රුපියල් 998,004ක් බවයි.දුරකතන දීමනා ලෙස 3500ක් සහ විනෝදාත්මක දීමනා ලෙස රුපියල් 12000ක් ලැබෙන බවත් මසකට තෙල් ලීටර 340ක් ලැබෙන බවත් තොරතුරු කොමිසමේදී අනාවරණය කෙරුණා.

ආයතනයේ ප්‍රධාන වෙළඳ නිලධාරීගේ මූලික වැටුප රුපියල් ලක්ෂ 19ක් .

ඊට අමතරව උපරිමය 250.000කට යටත් නවාතැන් දීමනා, වාහනයක්, රියදුරෙක්, සම්පූර්ණ ඉන්ධන දීමනා ඇතුළු වෙනත් පහසුකම් ද හිමිවන බවයි හෙළිවුණේ.

ඒ අනුව රටට දැවැන්ත බරක්ව තිබියදීත් මෙම ආයතනයේ ප්‍රධානීන් විසින් ජනතාවගේ මුදල් අනිසි ලෙස භාවිතා කරමින් පැවතීම පිළිබද ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන් දැන් හෝ ඇස් හැර බැලීම වැදගත් වන බවයි සදහන් කළ යුතු වන්නේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :