වධක තනතුරට අයදුම්පත් 8ක්

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා අත්‍යාවශ්‍ය වන වධක තනතුර සදහා මේ වන විට අයදුම්පත් 8ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තනතුර සදහා අයදුම් කිරීමට සාමාන්‍ය පෙල විෂයන් 6ක් සමත්ව තිබීම අත්‍යාවශ්‍ය වුවද අයදුම්කරුවන් අතරින් 3 දෙනකු සාමාන්‍ය පෙල සමත්ව නොමැති බවයි සදහන් වන්නේ.
මෙම සියලුම අයදුම්කරුවන් කොලඹ නගරයට පිටස්තර පුද්ගලයින් වනවා.
කෙසේ වෙතත් ලබන 27 වනදා ගැසට් මගින් මෙම තනතුර පිළිබද යළි නිවේදනය කරන අතර එහිදී වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැඛෙනු ඇති බවයි විශ්වාසය පලවන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :