රටට අහිමි කරන ගාල්ල පිටියට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයට ඊයේ රාත්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තාවනවා.
ඒ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගොඩනැගිලි ඉවත් කිරීමට යාමේදී අර්බුධකාරී තත්ත්වයක් හට ගැනීමේ අවධානම හේතුවෙනුයි.
මතභේදයට ලක්ව ඇති ක්‍රීඩාංගනය ඉවත් කිරීමේ තීරණයට පාර්ශව රැසක්ම විරෝධය පල කරන අතර ඔවුන් හෙලි කරන්නේ ප්‍රබල දේශපාලනඥයකුගේ උවමනාවක් මත මෙය සිදු කරමින් පවතින බවයි.
එසේම ගාල්ල ක්‍රීඩාංගනය පින්නදූව ප්‍රදේශයේ යළි ස්ථාපිත කරන බවට සදහන් කෙරුණද එය තහවුරු කළ නොහැකි බවයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශව පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් ගාල්ල ලෝක උරුම කොටු පවුර එම ලයිස්තුවෙන් ඉවත් කරන බවට යුනෝස්කේව දැනුම්දී තිබුණේ ගාලු කොටු පවුරට සම්බන්ධ අනවසර ඉදිකිරීම් හේතුවෙනුයි.
ඒ අනුව ගාල්ල ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩාගාරය පමණක් ඉවත් කර යළි වෙනත් ස්ථානයක ඉදිකෙරෙනු ඇති බවටද අදහස් පලවනවා.
කෙසේ වෙතත් මෙසේ පුද්ගලික අභිමථාර්ත මත විනාශ කරනු ලබන්නේ ශ්‍රී ලංකාව වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩාංගනයවීමද විශේෂත්වයක්.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :