එල්ලන්න යන ලයිස්තුවේ කුඩු රජවරු නැහැලු

මරණ දඩුවමට ලක් කිරීමට නියමිත මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලයිස්තුවට ප්‍රධානතම මත්කුඩු ජාවාරම්කරුවන් ලෙස නම් ලද පුද්ගලයින් ඇතුලත්ව නොසිටින බව අනාවරනවී තිඛෙනවා.
ඒ අනුව බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවමින් කිලෝ සිය ගණන් මත්කුඩු ගෙන්වීමට සම්බන්ධ වෙලේ සුදා / පසුගියදා අත්අඩංගුවට ගැණුනු මහා කුඩු තොග ගෙන්වූ බවට හෙලිවූ සුසෙයි / කැමිලස් ජේසුදාසන් හා නවාස් යන මත්කුඩු රජවරුන් මෙම ලයිස්තුවට එක්කර නොතිඛෙන බවද සදහන් වනවා.
මේ අතරින් වෙලේ සුදා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවටයි තොරතුරු පවතින්නේ.
මෙසේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් ලයිස්තුවෙන් හැලී තිබියදී බලධාරීන් නියෝග කර ඇත්තේ අදාළ මරණ දඩුවම නියමවූවන්ගේ ලයිස්තුව මාධ්‍ය වෙත අනාවරණවීම සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදුකිරීමටයි.
කෙසේ වෙතත් රටක උපරිම දඩුවම මරණ දඩුවම නම් වරදකරුවකුට එය ලබාදීමේදී තෝරා ඛේරාගෙන එය සිදුකරන්නේ නම් කළ යුතුවන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීම බවයි මධ්‍යස්ථ මතධාරීන් සදහන් කරන්නේ.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :