සිංහ ලේ – අරඹේපොල හිමිගේ ගිහි හැදුනුම්පත ගැන පුළුල් විමර්ෂණ

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිවස්නයක් ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපලවලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටියදී අත්අඩංගුවට ගත් අරඹේපොල රතනසාර හිමියන් සතුව තිබී හමුවූ හැදුනුම්පත් පිළිබද විශේෂ පරීක්ෂණ ආරම්භවී තිඛෙනවා.

එම ව්‍යාජ හැඳුනුම්පත භාවිත කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ ද සහ ඒ හරහා සිදු කර ඇති වංචා සහගත දේවල් කවරේද යන්න පිළිබද මෙහිදී අවධානය යොමුකිරීමට නියමිතයි.

අරඹේපොල හිමියෝ මෙසේ හැඳුනුම් පත් දෙකකින් පෙනී සිට ඇති අතර, ඉන් එක් හැඳුනුම්පතක් ගිහි ජීවිතයට අදාළ එකක් වන අතර, අනෙක් හැඳුනුම්පත පැවිදි ජීවිතයට අදාළ හැඳුනුම් පතක් වෙයි.

ඒ අනුව එක් හැඳුනුම්පතක සඳහන් වෙන්නේ අරඹේපොල රතනසාර හිමි, උපන් දිනය 1992. 12. 05, උපත කුරුණෑගල, ලිපිනය- අංක 226 පූර්වාරාම පාර කිරුලපන කොළඹ 05 යනුවෙනි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2011 දෙසැම්බර් මස 9 වැනි දින වෙයි.

රතනසාර හිමියන් විසින් භාවිත කර ඇති අනෙක් හැඳුනුම්පතේ සඳහන් වෙන්නේ තෙන්නකෝන් මුදියන්සේලාගේ චාමර තෙන්නකෝන්, දූව පන්සල පාර, කලුතර දකුණ යනුවෙනි. එහි සඳහන් උපන් දිනය ඉහත සඳහන් හැඳුනුම්පතේ උපන් දිනයම වෙයි. එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2017. 07. 05 දින වෙයි. එනම් මීට මාස දෙකකට පෙර එම හැඳුනුම්පත නිකුත් කර තිඛෙනවා.

 

Image result for අරඹේපොල රතනසාර

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish