එක්දින ද්විත්ව ශතකයක් සමග ලංකාවේ වාර්තාවක් බිද වැටේ

ජාත්‍යන්තර එක්දින පිටියේ තවත් ද්විත්ව ශතකයක් අද වාර්තාවුණා.
එම ද්විත්ව ශතකය හිමිකර ගනු ලැබුවේ පකිස්ථාන පිලේ ආරම්භක පිතිකරු ෆාකර් සමාන් විසින්.
සිම්බාබ්වේ පිල සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ 4 වන තරගයේදී ඔහු නොදැවී ලකුණු 210 ක් රැස් කළා. ඒ පන්දු 156 කදීයි.
එහිදී ඔහු විසින් හතරේ පහර 24 ක් හා 6 පහර 5 ක් එල්ල කර තිබුණා.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව සතුව තිබූ ලෝක වාර්තාවක්ද බිද වැටීම විශේෂත්වයක්.
ඒ එක්දින තරගයක ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ හොදම සබදතාවයේ වාර්තාවයි.
මෙතෙක් සනත් ජයසූරිය හා උපුල් තරංග විසින් 2006 වසරේදී පලමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 286 ක් එංගලන්තයට එරෙහිව රැස්කිරීමයි හොදම සබදතාවය බවට පත්ව තිබුණේ.
එහෙත් අද තරගයේදී ෆාකර් සමාන් හා ඉමාම් උල් හක් පලමු කඩුල්ලට ලකුණු 304 ක් එක් කළා. ඒ අනුව පකිස්ථාන ඉනිම දැක්වුණේ පන්දුවාර 50 අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 399 ක් ලෙසයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :