16 කණ්ඩායම 23 කන්ඩායම වෙනවාලු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධූරවලින් ඉවත්වූ 16 දෙනාගේ කන්ඩායම ඒකාබද්ධ පොදුජන පෙරමුණ හා සම්බන්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අඛේවර්ධන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා කියා සිටියේ අගෝස්තු 17 වනදා පැවැත්වෙන දැවැන්ත ජන රැළියේදී තම කණ්ඩායම එම පෙරමුණට එක්වන බවයි.
ඒ වන විට තවත් 7 දෙනකු රජයෙන් ඉවත්ව 16 කන්ඩායම 23 කණ්ඩායම බවට පත්වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් 16 කන්ඩායමේ කිහිපදෙනකු යළි ආණ්ඩුව සමග එක්වන බවට අදහස් පලවුවද ඒ බව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :