චීන රජයේ පූර්ණ පරිත්‍යාගයක් වන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් පොළොන්නරුවේදී අද ආරම්භ වනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

රුපියල් මිලියන දොළොස් දහසක් වැය කරමින් ඉදිකෙරෙන චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සඳහා චීන රජය පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ජනාධිපතිවරයාගේ  ඉල්ලීමකට අනුවයි. වකුගඩු රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ද වනවා. උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන්නේ ලොව නවීනතම පරික්‍ෂණාගාර හා අධිතාක්‍ෂණික පහසුකම්වලින් සමන්විතවයි.

රෝගී ඇඳන් 200 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ,රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100 කින් සමන්විත මෙම රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක් ද පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. බාහිර රෝගී හා විශේෂිත වෘක්ක රෝගී සායන සංකීර්ණය හා වෘක්ක බද්ධ කිරීමේ සේවාව සඳහා අවශ්‍ය නවීන ශල්‍යාගාර 6 ක් ද මෙම රෝහලට ඇතුළත්. ආසන 200 කින් යුත් නවීන ශ්‍රවණාගාරයක් හා වාහන 300 ක් ගාල් කළ හැකි රථ ගාලකින් ද මෙම රෝහල සමන්විතයි. රෝහල් කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ද මෙහි පිහිටුවා ඇත්තේ අංග සම්පූර්ණ රෝහලක අවශ්‍යතා සපුරාලමින්. මාස 24 ක් තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඒ අනුව 2020 ජූලි මාසයේදී මෙහි වැඩ කටයුතු අවසන් වනු ඇති.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :