බන්ධනාගාර නිලධාරීන්ගේ ෆෝන් බිස්නස් හා වත්කම් ගැන පරීක්ෂණ

කෙටි කලක් තුල ධනවතුන් බවට පත්වූ බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇති බව වාර්තාවනවා.
ඒ අනුව බන්ධනාගාරවල රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වමින් මෙසේ ධනවත් වූ බන්ධනාගාර නිලධාරීන් හදුනා ගැනීම ක්‍රියාත්මක බවයි එම වාර්තා පවසන්නේ.
තමන් උපයන වැටුපට වඩා වැඩි ආදායම් ලබන බන්ධනාගාර නිලධාරීන්ට එම ආදායම් ලැබෙන්නේ කෙසේ දැයි මෙහිදී හදුනා ගැනීමට නියමිත අතර ඊට පොලිසියද සහාය ලබාදෙමින් සිටිනවා.
බන්ධනාගාරයේ තිබී සොයාගනු ලැබූ සිම්කාඩ්වලින් මෙම බන්ධනාගාර නිලධාරීන් පිළිබද තොරතුරු හෙළිවෙමින් පවතින බව සදහන්.
මේ අතර වැලිකඩ ඇතුලු බන්ධනාගාර තුලට ජංගම දුරකථන ගෙන එනු ලබන්නේද බන්ධනාගාර නිලධාරීන් විසින් බවයි අනාවරණ වෙමින් පවතින්නේ.
ඒ අනුව ඇතැම් බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුල ජංගම දුරකථන වෙළදාම් සිදුකරන බවද එම අනාවරණ තුල සදහන්.
එහිදී රුපියල් 2,000 ක් පමණ වන දුරකථනයක් රුපියල් 25,000 කට පමණ අලෙවි කරන බව කියවෙන අතර ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගැනීමද ක්‍රියාත්මක බවයි අනාවරණ වන්නේ.
ඒ අනුව බන්ධනාගාර තුලට පිවිසෙන බන්ධනාගාර නිලධාරීන්ද පරීක්ෂා කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නේ නම් මෙය මැඩපැවැත්විය නොහැකි බවයි තතු දත් ආරංචි මාර්ග හෙලිකරන්නේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :