ලෝක වෙළදපලේ ඉන්ධන මිල වැඩිවෙයි / ලබන මාසයේත් මිල වැඩිවෙයි ?

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ මින් පවතින බව අමෙරිකාවේ බ්ලූම්බර්ග් වෙඩ් අවඩිය වාර්තාකර තිඛෙනවා.

පෙරේදා දිනය වන විට සාමාන්‍ය බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.26 ක් ලෙස සටහන්වූ අතර ලෝකයේ වැඩි වශයෙන් භාවිතා කරනු ලබන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 73 යි ශත 07 ක් ලෙසයි.

කෙසේ වෙතත් බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට ඩොලරයකින් පමණ පහතවැටී තිඛෙනවා.
කෙසේ වෙතත් එය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් ලබන මාසයේදීත් මෙරට ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් පවතිනවා.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඇමරිකානු ඩොරලය පහත වැටීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් ලෝක වෙළදපලේ ඉන්ධන මිල ඉහළ යමින් පවතින බවයි.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :