බලංගොඩ කැලයක් තුල දරුවෙක් අතුරුදන් / සෝදිසි මෙහෙයුම් ඇරඹෙයි

බළන්ගොඩ සමනලවත්ත ප්‍රදේශයේ වනාන්තරයක් තුල අතුරුදන්වූ බව කියන අවුරුදු 10ක් පමණ වයසැති පිරිමි දරුවෙකු සොයා පොලිස් පරීක්ෂන ආරම්භ කර තිඛෙනවා.
දින දෙකක පමණ සිට මෙම දරුවා පිළිබද තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය සදහන් කරනවා.
දර කැඩීමට වනයට ගිය පියා පසුපස මෙම දරුවා වනාන්තරයට ඇතුලුවන්නට ඇති බවටයි දරුවාගේ මව සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම වනාන්තරය තුල දිවියන් ගැවසෙන බැවින් දරුවා දිවියන්ගේ ගොදුරක් බවට පත්ව ඇත්දැයි සැක මතුව තිඛෙනවා.
ඒ අනුව පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් ඒකාබද්ධව මෙම සෝදිසි මෙහෙයුම සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :