චීනය හදිසියේ ලංකාවට දුන් සල්ලි ගැන රොයිටර් කියයි

චීනය විසින් ලංකාවට යුවාන් බිලියන 2ක මුදලක් ලබාදීමට තීරණය කිරීම පිළිබද රොයිටර් පුවත් සේවය විශේෂ ලිපියක් පල කර තිඛෙනවා.
එහි දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාදුන් බවට චෝදනා එල්ලවෙමින් පැවතියදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හරහා මෙම මුදල් ලබාදීම විශේෂිත බවයි.

ඊයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා සදහන් කළේ චීන තානාපතිවරයා සිය නිවසටම පැමිණ තවත් ත්‍යාගයක් තමන්ට ලබාදෙන බව සදහන් කළ බවයි.
එහිදී හිමිවන යුවාන් බිලියන 2ක මුදල ජනාධිපතිවරයාට අවශ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් භාවිතා කළ හැකි බවද එහිදී සදහන් කළ බවයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ.
ඒ අනුව රට පුරා නිවාස ඉදිකිරීමට එම මුදල් වැය කළ හැකි බවද ජනාධිපතිවරයා එහිදී අදහස් පල කළ බවයි රොයිටර් වාර්තාවේ දැක්වෙන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ සමයේ මෙරට චීන ව්‍යාපෘති පිළිබද විරෝධයක් පල කළද මේ වන විට එම ව්‍යාපෘති පෙරට යන බවද රොයිටර් වාර්තාවේ දැක්වෙනවා.
ඒ පිළිබද අමෙරිකාව / ඉන්දියාව හා ජපානයද අප්‍රසාදයෙන් පසුවන බවද ලිපියේ සදහන්.
බොහෝ විට චීනය ලංකාව යුධමය අවශ්‍යතා වෙනුවෙන් කදවුරක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇතැයි එම රටවල් සැකකරන බවද ප්‍රකාශිතයි.
එහෙත් චීනය හා ලංකාව විසින් එය ප්‍රතික්ෂේප කිරීම පිළිබදවද ලිපියේ කරුණු දක්වා තිඛෙනවා.
ඒ අනුව චීනය විසින් ජනාධිපතිවරයා හරහා මෙරටට යුවාන් බිලියන 2ක් ලබාදීම ලංකාවේ සිය ආධිපති්‍යය තහවුරු කර ගැනීමක් බවයි එමගින් ඉගි කර ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :