අපොස උසස් පෙළ විභාගයේ දී විභාග පරීක්ෂකයින් ලෙස යුධ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් හා කැඩෙට් නිලධාරීන් යොදා ගැනීමට තීරණය කර තිඛෙනවා.
ඒ විභාග අක්‍රමිකතා අවම කිරීමේ පියවරක් ලෙසයි.
මේ දක්වා උසස් පෙළ විභාගයේදී විභාග පරීක්ෂකවරුන් ලෙස යොදා ගනු ලැබුවේ විදුහල්පතිවරුන් / ගුරුවරුන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පමණයි.
එහෙත් විභාග දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සුදුසුකම් සහිත විශ්‍රාමික හමුදා නිලදාරීන්ට හා කැඩෙට් නිලධාරීන්ට මෙම අවස්ථාව මෙවර සිට ලබාදෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සදහන් කළේ.
කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දැනටමත් විරෝධය පල කර තිඛෙනවා.
එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා කියා සිටියේ විභාග ක්‍රමය හමුදාකරණය කිරීමට බලධාරීන් උත්සාහ දරන බවයි.
ඒ හේතුවෙන් යහපත් මානසිකත්වයකින් විභාගයට මුහුණදීමට අපේක්ෂකයින්ට නොහැකි වන බවටද ඔහු චෝදනා එල්ල කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :