ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට සියලුම අංශවල ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිඛෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමට අදාළව විනය කඩ කිරීමේ චෝදනා මතයි.
ඊට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් දකුණු අප්‍රිකාව සමග දෙවන ටෙස්ට් තරගයෙන් පසු මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට මූලික වී ඇත්තේ ධනුෂ්ක ගුණතිලකගේ මිතුරකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වනවා.
ඒ විදේශීය කාන්තාවකට හිරිහර කළ බවට චෝදනාවක් මතයි.
මෙම සිද්ධියට අදාළ දර්ශනවල ධනුෂ්ක ගුණතිලකද වන බව ප්‍රකාශ වන අතර ඒ ක්‍රීඩකයින්ට පිටතට යාම තහනම් කර ඇති කාලසීමාව තුලදී බවයි අනාවරණවී ඇත්තේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :