මොරගහකන්ද කළු ගඟ ජලාශයට රන් දියවර රැස් කිරීම අද

මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු කළුගඟ ජලාශයට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කිරීම සහ මොරගහකන්ද – කළු ගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරෙනවා.
ලග්ගල, කළුගඟ වේල්ල අසලදී මෙම උත්සවය පැවැත්වීමට නියමිතයි.
දිවයිනේ පළාත් හතරක යල – මහ දෙකන්නයේ වගා කිරීමට මෙතෙක් පැවති ජල ගැටලුවට මෙම වාරි සංග්‍රාමය හරහා විසඳුම් ලැඛෙනු ඇති.මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් මහ ඇළ ව්‍යාපෘතිය සඳහා ද දෙකන්නයටම වගා කිරීමට අවශ්‍ය ජලය හිඟයකින් තොරව ලබා දීම අරමුණයි.. ඒ තුළින් හුරුළු වැව, මානන්කට්ටිය, ඒරු වැව, නාච්චාදූව හා තිසාවැව හරහා ලොකු කුඩා වැව් 1200ක් පමණ  පෝෂණය කෙරෙනු ඇති බවයි රජය සදහන් කරන්නේ.

මහකනදරාව දක්වා වූ ඇළ මාර්ගයේ පළමු අදියරේ දි කිලෝමීටර් 96ක් දිග ඇළක් මඟින් ජලය බෙදා හැරීමට නියමිත අතර එම වාරි ඇළේ උමං මාර්ගය කිලෝමීටර් 28ක් වනවා.මහ ඇළ ව්‍යාපෘතිය මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මකවීමට නියමිතයි.

කළු ගඟ ජලාශය අක්කර අඩි හය ලක්ෂ හැට දහසක ජල ධාරිතාවකින් යුක්ත අතර මොරගහ කන්ද කළු ගඟ උමං ජල මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම ද අද සිදුකෙරෙනවා.
10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :