ඇමතින්ට පාතාල සබදතා ඇතොත් ඔප්පු කරන්න/ පාඨලීගෙන් අභියෝගයක්

රජයේ අමාත්‍යවරුන් සමග මත්කුඩු ජාවාරම්කරුවන් හා පාතාල නායකයින් සබදතා පවත්වන බවට චෝදනා එල්ල කරන පාර්ශව එම චෝදනා සනාථ කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා කතරගමදී පැවැති වැඩසටහන් කිහිපයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.
අද වන විට රටේ අපරාධ සංඛ්‍යාව හරි අඩකින් පහත ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී වසරකට 55,000 ක මට්ටමේ පැවැති අපරාධ ප්‍රමාණය මේ වන විට 30,000 ක් කරම් පහතවැටී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
එසේම වත්මන් ජනාධිපතිවරයා කිසිදු කුඩු ජාවාරම්කරුවකු වෙනුවෙන් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් දුක සැප ඛෙදා නොගන්නා බවයි පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :