දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගැනීම සමග ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 5 වන තැන පසුවන එංගලන්තයේ ප්‍රසාද ලකුණු සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා. දෙපිලම මේ වන විට ප්‍රසාද ලකුණු 97 බැගින් ලබා සිටින අතර ඒ අනුව එංගලන්තය 5 වන තැනත් ශ්‍රී ලංකාව 6 වන තැනත් තවමත් රැදී සිටිනවා.
කෙසේ වෙතත් තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ප්‍රසාද ලකුණු 91 ක් පමණයි.
ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජය සමග දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමිවූ අතර ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 106 කට හිමිකම් කියනවා.
තවමත් ශ්‍රේණිගත කිරීමේ මුල් තැන පසුවන්නේ ඉන්දියාවයි.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :