මාධ්‍ය නිදහස අවභාවිතා කළොත් දවසක අඩන්න වෙයි / ජනපති කියයි

ආණ්ඩුව විසින් ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අයථා ලෙස භාවිතා කරන මාධ්‍යයට යම් දිනයක කදුලු සැලීමට සිදුවනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා.
ඒ මොරගහ කන්ද ව්‍යාපෘතියට සමගාමී කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ රන් දියවර මංගල්‍යය උත්සවය අමතමින්.

අද සමහර පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරන්නන් අපේ කටින් පිටවන අවශ්‍ය දෙවල් නොවෙයි.  අනවශ්‍ය දේවල් ආණ්ඩු ආණ්ඩු විරෝධී ප්‍රචාර සවසට රූපවාහනි ප්‍රවෘත්ති බැලුවම මේ රටේ ආණ්ඩුවක් නැති ගාණයි. මාධ්‍යවල තියෙන්නේ රට විනාශ වෙනවා කියන එකයි. මා මේ ගැන කනගාටුවෙනවා.මම රටේ ප්‍රඡාතන්ත්‍රවාදය මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කළේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්නටයි.  නිවැරදි දේ ලෝකයාට දෙන්නයි.

අද දේශපාලන ආරවුල්, ගැටම්, වැඩක් නැති අශිලාචාරත්වයට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි අද අපට අවහිර කරන, අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ආයතනවලට මාධ්‍ය මිත්‍රයන්ට මා කාරුණිකව කියනවා අපිට ගහලා අපි දුර්වල කරලා අපි විනාශ කරලා අපි ඇද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන නිදහස නැති කරගෙන දිලා තියනවා මාධ්‍ය නිදහස නැති  කරගෙන නැවත දවසක කදුළු සලන්න ලැහැස්ති වෙන්න එපා කියලා

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :