ප්‍රධාන-පුවත්

ධූරය තහනම්වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී නිර්දෝෂීයි / ජී එල් කියයි

බෙදා හරින්න :

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගිය රජය සමයේ මෙරට සංචාරවල නිරතවූයේ මෙරට සැබෑ තත්ත්වය දැක ගැනීමට පැමිණෙන්නැයි හිටපු ජනාධිපතිවරයා සිදුකළ ඇරයුමක් මත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්යය ක‍ී එල් පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලේගේ මන්ත්‍රී ධූරය දින 30කට අත්හිටුවීමට බ්‍රිතාන්‍ය රජය ගත් පියවර පිළිබද අදහස් දක්වමින්.
පසුගිය රජය සමයේ මෙරටින් ලබාදුන් විදෙස් සංචාර පිළිබද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීමේ චෝදනා ඔහුට එල්ලවී තිබුණා.
ඒ පිළිබද අදහස් දක්වන ජී එල් පීරිස් මහතා පවසන්නේ යුද්ධයේ අවසන් මොහොතේදී මෙහෙයුම් නතර කරන්නැයි බි්‍රතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලීබෑන්ඩ් හා ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කුච්නර් හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කළ බවයි.
එහෙත් පසුගිය රජය ඊට යටත් නොවූ බවද ඔහු කියා සිටියා.
එම අවස්ථාවේ රටේ සැබෑ තත්ත්වය දැක ගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට අද තහනමක් පනවා ඇති බවටයි පීරිස් මහතා චෝදනා එල්ල කළේ.

53062

ආසාදිතයන්

45171

සුවය ලැබූ

7627

දැනට රෝගීන්

264

මරණ

බෙදා හරින්න :

Similar Posts