සම්බාධක මගහැර ලංකාව ඉරානය සමග ගණුදෙනුවල/බ්‍රිතාන්‍යය කියයි

අමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති දැඩි සම්බාධක මග හරිමින් ශ්‍රී ලංකා නිර්මාණශීලීව එරට සමග ගණුදෙනු කරමින් පවතින බව ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කර කතිඛෙනවා.
එරට න්‍යෂ්ඨික වැඩපිළිවෙල හේතුවෙන් ඉරානය සමග ඩොලර් ගණුදෙනු තහනම් කිරීමටයි අමෙරිකාව පියවර ගෙන ඇත්තේ.
එම තත්ත්වය තුල ලංකාව ඉන්ධන වෙනුවෙන් ඉරානයට ගෙවිය යුතු ඩොලර් මිලියන 250ක් වෙනුවෙන් තේ ලබාදීමට සූදානමින් පසුවන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව විසින් අදාළ මුදල තම ආයතනයට ගෙවන්නේ නම් ඊට සමාන තේ ඉරානයට යොමුකර මෙම ණය පියවා දැමිය හැකි බවයි තේ මණ්ඩලයේ සභාපතිවරයාගේ ප්‍රකාශයක් පුටා දක්වමින් ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය සදහන් කළේ.
ඉදිරි අගෝස්තු මාසයේ සිට ඉරානයට එරෙහි දැඩි සම්බාධක පනවා ඇති බැවින් මෙම ඩොලර් ගණුදෙනු එරට සමග සිදුකිරීම තහනම් වනවා.
කෙසේ වෙතත් ඉන්දියාවේ බාස්මතී සහල් අපනයනකරුවන් මෙම සම්බාධක හේතුවෙන් පීඩාවට පත්ව සිටියදී ලංකාව මෙම උපක්‍රමශීළීභාවය පෙන්නුම් කරන බවද එහි සදහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී චෝදනා එල්ලවිය එැකි බවද එහි සදහන් වනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :