විජයකලා ගැන එජාපයේ තීන්දුව අද

හිටපු නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් යළි එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය නඟාසිටුවිය යුතු බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිදුකළ පරීක්ෂණයේ වාර්තාව අද කෘත්‍යාධීකාරී මණ්ඩලය වෙත භාරදීමට තීරණය කර තිඛෙනවා.
ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයි.
මෙම පරීක්ෂණය සදහා අකිල විරාජ් කාරියවසම් / රංජිත් මද්දුමබණ්ඩාර / කබීර් හෂීම් හා තලතා අතුකෝරාල යන මැති ඇමතිනියන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරුණා.
ඒ අනුව අදාළ ප්‍රකාශය සලකා බලා කමිටුව විසින් සකස් කළ වාර්තාව මෙසේ භාරදීමට නියමිතයි.

විජයකළා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා යටතේ මීට අදාළ පොලිස් පරීක්ෂණයක්ද ක්‍රියාත්මක වනවා.

10105

ආසාදිතයන්

4282

සුවය ලැබූ

5804

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :