හෙට වර්ජනය ස්ථිරයි / ගුරු විදුහල්පති සංගම් කියයි

සැලසුම් කර ඇති වැඩ වර්ජනය හෙට දිනයේදී නියත වශයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව අවධාරණය කරනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්‌ටාලින් මහතා සදහන් කළේ  දේශපාලන පළිගැනීම්වලට මුවාවී නුසුදුසු පුද්ගලයන් අධ්‍යාපන පරිපාලන ක්‍ෂේත්‍රයට ඇතුළු කිරීමට ආණ්‌ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව දිවයින පුරා මෙම වර්ජනය සිදුකරන බවයි.

එදින වාර විභාග පැවැත්වීමට නොහැකි වන බවත් ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා නොදුනහොත් ඉන් පසුව එළඹෙන ජාතික විභාග හා උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවලින්ද ඉවත්වීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළා.

මෙම වර්ජන සිදු කරනු ලබන්නේ වැටුප් වැඩිවීම් ලබා ගැනීමට හෝ වාසි අත්කර ගැනීමට නොවන බවත් දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් බවයි ජෝෂප් ස්‌ටාලින් මහතා සදහන් කළේ.
වාර විභාගයක්‌ කඩා කප්පල් වීම තුළින් දරුවකුට වන බලපෑමකට වඩා අති විශාල බලපෑමක්‌ දේශපාලන හෙංචයියන් අධ්‍යාපනයට ඇතුළුවීමෙන් සිදුවන බවද ඔහු කියා සිටියා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :