ලාඕසයේ ජල විදුලි බලාගාර ජලාශයක වේලක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මේ වන විටත් පුද්ගලයින් සිය ගණනක් අතුරුදන්ව සිටින බවයි.
ගම්මාන 12ක් මෙම දැවැන්ත ජල කද හේතුවෙන් විනාශවී ඇති අතර මරණ ප්‍රමාණය වර්ධනය විය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.
තවදුරටත් බොහෝ පිරිස් නිවාස වල වහලවල් හා ගස් මුදුන්වල රැදී සිටින අතර ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම්ද දැඩි අපහසු කරුණක් බවටයි පත්ව ඇත්තේ.
නිහ්චිත වශයෙන් මිය ගිය හා අතුරුදන්වූවන් හදුනා ගැනීමද පහසු කරුණක් නොවන බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
තවත් ගම්මාන රැසක්ම මේ වන විටත් සම්පූර්ණයෙන්ම කොටුව ඇති අතර ඔවුන්ට ගුවන් මගින් අවශ්‍යය පහසුකම් ලබාදෙමින් පවතිනවා.
මේ වන විට 6,600 දෙනකු මුදාගෙන ඇති අතර ඔවුන්ගේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශවී ඇති බවද සදහන්.

Image result for laos dam killed

Image result for laos dam killed

Image result for laos dam killed

Image result for laos dam killed

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :