රෝගීවූ සිවු හැවිරිදි දරුවකුට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගම්පොළ ගලහ ග්‍රාමීය රෝහලට ගිය මවකට වෛද්‍යවරියක විසින් බැන වැදී උපස්ථායිකාවක ලබා පහරදුන් බව කියන සිද්ධිය සම්න්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නියෝග කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මෙම නියෝගය ලබාදී ඇති බවයි.
දෙසතියක් තුළ ඊට අදාළ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ.
එහිදි අදාළ වෛද්‍යවරිය සහ රෝහල් උපස්ථායිකාව වරදක් සිදු කර ඇත්නම් අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ද නියෝග කර තිබෙනවා.
පසුගිය 16 වැනි දා ගලහ ග්‍රාමීය රෝහලේ දී මෙම සිද්ධිය වාර්තාවූ අතර එහිදී උපස්ථායිකාවගේ පහර කෑමට ලක් වූ බව කියන අදාළ මව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :