සිසුවියකට අතවර කළ ගුරුවරුන් දෙදනකු අත්අඩංගුවට

මොණරාගල ප්‍රදේශයේ පාසලක සිසුවියක් අතවරයට ලක් කළ බවට චෝදනා මත ගුරුවරුන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිස් ආරංචි මාර්ග අනාවරණ කළේ ඉතිහාසය හා තාක්ෂණවේදය ඉගැන්වීමේ නිරත ගුරුවරුන් දෙදනකු විසින් උසස් පෙල සිසුවියකට මෙසේ හිරිහැර කර ඇති බවයි.
ඒ අතරින් ඉතිහාසය ගුරුවරයා අදාළ සිසුවිය සිය නිවසට කැදවා හිංසනයට ලක් කර අනෙක් ගුරුවරයාට ඇය භාරදී ඇති බවයි හෙළිව ඇත්තේ.
දැනට සිදුකර ඇති විමර්ෂණ අනුව මෙම සැකකරුවන් විසින් තවත් සිසුවියන්ට මෙවන් හිංසනයන් සිදුකර ඇති බවද හෙලිකරගෙන තිඛෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :