කීත් නොයාර්ගේ ප්‍රකාශයක් ගන්න CID ය ඔස්ටේ්‍රලියාවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතව තිඛෙනවා.
ඒ අනුව පොලිස් පරීක්ෂකවරයකු හා උප පොලිස් පරීක්ෂකවරයකු මේ සදහා එක්වීමට නියමිතයි.
මේ වන විට කීත් නොයාර් මහතා මෙල්බර්න් හී පදිංචිව සිටින අතර ඔහු අධිකරණ නියෝගය මත මෙරටට පැමිණ සිද්ධියට අදාළ ප්‍රකාශයක් ලබාදීමටද පියවර ගනු ලැබුවේ නැහැ.
2008 වසරේ මැයි 22 වනදා ගල්කිස්සේදී ඔහු පැහැරගෙන ගොස් තිබූ අතර එම සිද්ධියට සැක පිට හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :