ජපානයේ හෂීමා නගරයෙන් නියෝජ්‍ය ඇමති බුද්ධිකට ඇගයීමක්

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා අද ජපානයේ හෂීමා නගරයේ නගරාධිපති සතොසි මට්සුයි මහතා විසින් පුද්ගලික අගය කිරීමකට ලක්කර තිඛෙනවා.

හෂීමා නුවර සිට නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට පැමිණි, 2020 ඔලිම්පික් හෂීමා සත්කාරක නගරයෙහි විධායක කමිටුවෙහි සභාපතීන් වන ටෝජි ඊචි මහතා සහ ටෝජි කියෝතෝ මැතිණිය විසින් හෂීමා නගරාධිපතිගේ ස්තූති සටහන රැගත් ලිපිය නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙහිදී භාරදී තිබුනා.

හෂීමා විධායක කමිටුවේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කිරීම මෙන්ම හෂීමා ජාත්‍යන්තර හුවමාරු වැඩසටහන්හී අන්‍යෝන්‍ය ගිවිසුම් අත්සන් කිරීම සහ ජපානයේ පැවති 18 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වීම වෙනුවෙනුයි මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අගය කර ඇත්තේ.

හෂීමා නගරය, 2020 ඔලිම්පික් හා පැරාඔලිම්පික් තරඟයන්හී සත්කාරක නගරය වශයෙන් කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයන් හට ජපන් පුහුණුකරුවන්ගේ සේවය ලබා දීම සඳහා අත්සන් කරන ලද ගිවිසුම තුළින් ලාංකේය මලල ක්‍රීඩාවෙහි දියුණුව ඇතිවන ආකාරයද මෙහිදී සාකච්ජාවට ලක් කර තිඛෙනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :