මත්තල අලෙවි කිරීමක් නෑ / මරණ දඩුවමත් දිගටම නොවේ / රාජිත කියයි-Audio

මත්තල ගුවන් තොටුප ඉන්දියාවට අලෙවි කරන බවට එල්ල කෙරෙන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව මෙරට කිසිදු දේපලක් විකුණා නොමැති බවයි.
එහෙත් රජයට චෝදනා එල්ල කරන පසුගිය ආණ්ඩුවේ නායකයින් ෂැන්ග්‍රිලා හෝටල් භූමිය මෙන්ම කොලඹ වරාය මූල්‍ය නගරයද සින්නක්කරව චීනයට පැවරී බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර මරණ දඩුවම දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අපේක්ෂාවක් ආණ්ඩුවට නොමැති අතර පවත්නා විශේෂ තත්ත්වය අනුව මත්කුඩු ජාවාරම්කරුවන්ට එම දඩුවම ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :