පුද්ගලික රෝහල් සේවා වැට් බද්ද ඉවත් කෙරේ

පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් සඳහා පනවා තිබු වැට් බද්ද ජූලි 02 වනදා සිට ඉවත් කර තිඛෙනවා.
ඒ කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීන්දුවකට අනුවයි.
ඒ අනුව පුද්ගලික රෝහල්වල කාමර ගාස්තු හැර අනෙක් ගාස්තු සදහා වැට් බද්ද මේ යටතේ අහෝසි කෙරෙනවා.
ඊට වෛද්‍ය උපදේශන ගාස්තු වෛද්‍ය සේවා ගාස්තු ආදිය ඇතුලත්.
ඒ සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇති බවයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී සදහන් කළේ.

9791

ආසාදිතයන්

4142

සුවය ලැබූ

5630

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :