වැලිකඩ බන්ධනාගාරය තුල ජංගම දුරකථන ළග තබාගෙන සිටින සිරකරුවන්ට ඒවා බාරදෙන ලෙස ඉල්ලමින් දැන්වීම් අලවා ඇතැයි තොරතුරු වාර්තාවනවා.
වහාම ඒවා බාරදීමට පියවර නොගන්නේ නම් දඩුවම් ලබාදෙන බව දන්වමින් මෙම දැන්වීම් අලවා ඇති බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් බන්ධනාගාරය තුල සිරකරුවන්ට දුරකථන ලග තබා ගැනීම තහනම් වන අතර ඒවා බන්ධනාගාරය තුලට ගෙනයාම වැලැක්වීමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ.
ඒ අනුව දුරකථන ඇතොත් ලබා දෙන මෙන් ඉල්ලමින් දැන්වීම් ඇලවීම තුලින්ම බන්ධනාගාරය පාලනය කරනු ලබන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද නැතහොත් රැදවියන්දැයි පැනයක් මතුවීම වැලැක්විය නොහැකියි.
ඉතිහාසය පුරාවටම බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබද මෙවන් තත්ත්වයන් පවතින අතර එහි දූෂිත නිලධාරීන් විසින් බන්ධනාගාර තුලට මත්කුඩු හා දුරකථන ආදිය ගෙන යන බවයි විවිධ අවස්තාවල හෙළිකර ඇත්තේ.
එබැවින් සිරකරුවන්ට ඔවුන්ගේ දඩුවම නිසි ලෙස ගෙවීමට ඉඩ ලබා දෙමින් බන්ධනාගාර තුල සේවාව නිසි ලෙස ඉටු කිරීමට එම ආයතනයට නොහැකිනම් එම වගකීම වෙනත් පාර්ශවයක් වෙත පැවරීමයි රජයේ යුතුකම වන්නේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :