ඩුබායි මෙරියට් හෝටල මිලදී ගෙන ඇත්තේ පසුගිය රජයට සම්බන්ධ ප්‍රබලයින් කිහිපදෙනකු විසින් පවත්වාගෙන යන ජාත්‍යන්තර ගිණුමකින් මුදල් ලබාගෙන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ එවන් ගිණුම් තුනක පවතින ඩොලර් මිලියන 3000කට අධික මුදලක් අනාවරණ කරගෙන ඇති අතර රටවල් කිහිපයක් හා සම්බන්ධව එම මුදල් සම්බන්ධ පරීක්ෂණ මෙහෙයවන බවයි.
මේ වන විට මෙරියට් හෝටලයේ හිමිකරු ලෙස පෙනී සිටින තැනැත්තා හා සැබෑ හිමිකරු අතර වෙනසක් පවතින බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :