ලෝක ශූර ක්‍රිකට් නායකයා අගමැති පුටුවට ?

පකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ප්‍රතාශිත ප්‍රතිඵල අනුව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය ඉදිරියෙන් පසුවනවා.
ඒ මේ වන විට ඔහුගේ පක්ෂයට ආසන 119 ක් හිමිව තිබීම හේතුවෙන්.
හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ පකිස්ථාන මුස්ලිම් ලීගයට මේ වන විට හිමිව ඇත්තේ ආසන 61 ක් පමණයි.
හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරිගේ පක්ෂයට ආසන 40ක් හිමිව තිඛෙනවා.
ඒ අනුව සියයට 40ක පමණ ප්‍රතිඵල ප්‍රකාශවී තිබුණද මේ වන විට ප්‍රතිඵල ලබාදීම පමාවන බවයි නිවේදනය කර ඇත්තේ.
පකිස්ථාන මැතිවරණ කොමසාරිස්වරයා සදහන් කළේ එය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් සුලු පක්ෂ සහාය ලබා ගනිමින් ඉම්රාන් ඛාන්ට ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැඛෙනු ඇති බවටයි විශ්වාසය පලවෙමින් පවතින්නේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :