විදෙස් ගතවීමට අධිකරණය විසින් තහනමක් පනවා තිබියදී ලන්ඩන් නුවර බලා වැඩම කිරීමට කටුනායකට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමියන් ආගමන විගමන නිලධාරීන් විසින් යළි හරවා යවා තිබෙනවා.
ඒ වන විටත් උන්වහන්සේ ගුවන් යානයට ගොඩවී සිටි අතර ආගමන විගමන නිලධාරීන් විසින් යානයෙන් බසින ලෙස දැනුම්දී ඇති බව සදහන්.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියට අදාල නඩුවකට ඇප මත සිටින පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගමන් තහනමක් ද ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් අගෝස්තු මස 26 වනදා සිට ඔක්තෝම්බර් මස 12 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි එම තහනම පසුගියදා අධිකරණය තාවකාලිකව ඉවත්කරනු ලැබුවේ උන්වහන්සේ කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :