කොලඹ ප්‍රදේශ රැසකට අද විදුලිය කප්පාදුවක්

කොළඹ නගරයේ ප‍්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විදුලිය අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.

ඒ අනුව කොළඹ 03, කොළඹ 04, කොළඹ 05,කොළඹ 06, ,කොළඹ 07සහ කොළඹ 08 ප‍්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ විදුලිය විසන්ධි කිරීම සිදුකෙරෙනවා.

එමෙන්ම මෙම නඩත්තු කටයුතු හේතුවෙන් 31වැනිදා ඉහත සඳහන් ප‍්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සදහන්.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :