ඇසළ පුන් පෝ දිනය අදයි

ලෝකයාට සම්‍යක් දර්ශනය පහළවුණු දර්ශනය පහළවුණු දිනය ඇසළ පුන් පොහෝදා යි. දෙසැටක් මිසදිටු නැමැති දැලෙහි පැටලී නනාප්‍රකාර අත්තකිලමථානු යෝග ක්‍රමවල හා කාමසුඛල්ලිකානු යෝග ක්‍රමවල ද ගැලී සිටි ලෝකයාට මධ්‍යම ප්‍රතිපදාව නම් වූ උතුම් ජීවන මාර්ගයක් දේශනා කළ දිනය ඇසළ පුනු පොහෝදා යි.

ලෝකයාත් සත්ත්වයාත් හේතු ප්‍රත්‍යයන් ගෙන් උපන් බව දේශනා කරමින් හේතු ඵල වාදය අනුගමනය කළ න්‍යායවාදී ශාස්තෘවරයාණන්ගේ උත්තරීතර ධර්මය ලොව පහළවුණු දිනය ඇසළ පුනු පොහෝදා යි.

සම්බුද්ධ දිවාකරයාණන්ගෙන් නිකුත් වූ සදහම් අමා බෙර හඬ ආසියා ලෝකයේ කැලුම් වැදී ඒකාලෝක වූ දිනය ඇසළ පුනු පොහෝදා යි.
දුකත් – දුකට හේතුවත් – නිවනත්, එය – ලබන පිළිවෙතත් යන සත්‍ය සතර ලොවට දේශනා කළ දිනය ඇසළ පුනු පොහෝදා යි.

විශාලතම සමාජ විපර්යාසයක්, බුද්ධි විප්ලවයක්, ආගමික උද්‍යෝගයක්, චින්තන ප්‍රබෝධයක් ඇති කළ දිනය ඇසළ පුනු පොහෝදා යි,

ශාස්වත දෘෂ්ටිය හා උච්ඡේද දෘෂ්ටිය යන දෘෂ්ටිවාද දෙක පරම නිෂ්ඨාව වශයෙන් සලකා ගෙනක සිටි ලෝකයාට යථාභූත ඤාණ දස්සනය පහළ වූයේ ඇසළ පුනු පොහෝදා යි.

වෙසතුරු අත් බැවින් පසු තුසිත දෙව්ලොව ඉපදුණු බෝසතාණන් වහන්සේ දෙව්බඹුන් ගේ ආරාධනා පිළිගෙන පස්මහ බැලුම් බලා දඹදිව මධ්‍ය දේශයෙහි කපිලවස්තු පුරයෙහි සුද්ධෝදන ශාක්‍ය රජතුමා ගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස පිළිසිඳ ගත්තේත් ඇසළ පුන් පොහෝ දිනයක ය.

එකුන් තිස්වියේ දී ලෙඩෙකු මහල්ලෙකු මළ මිනියක් පැවදි රුවක් යන සතර පෙර නිමිති දැක ගිහිගෙය කළකිරි අභිනිෂ්ක්‍රමණය කරන ලද්දේත් ඇසළ පුන් පොහෝ දිනයක ය.

බුදුරදුන් ඇතුළු පස්වග මහණුන් ගේ ප්‍රථම වස්සූපගමනය බරණැස මිදාය නම් වූ ඉසිපතනයේ සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

රාහුල කුමරුන්ගේ උපත සිදු වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

බුදුරදුන් ගණ්ඩම්බ රුක්මුල්හිදී තිර්ථකයන් ගේ මානය මර්දනය කරනු පිණිස යමාමහ පෙළහර දැක්වූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

එසේ ප්‍රාතිහාර්ය දක්වා සත්වැනි වස ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට වස් එළඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියනට විජම් බණ වදාළේත් ඇසළ පුණු පොහෝ දිනයක දීය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකින් තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය හා ආරක්ෂාව සංවිධානත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි ධර්ම මණ්ඩපයෙහි දී ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුණු පොහෝදිනයක ය.

බු. ව. 236 වැන්නෙහි උපබුදු මිහිඳු මහරහත් මාහිමියන් ප්‍රධාන මහා සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

බු. ව. 236 වැන්නෙහි අරිෂ්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන් සපනස් දෙනා ගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

බු.ව. 236 වැන්නෙහි දෙවන පෑතිස් නිරිඳුන් විසින් කණ්ටක චෙතිය වටා කර වූ අටසැට ලෙන් පූජාව හා දෙසැටක් රහතන් වහන්සේලා ගේ ලංකාවෙහි ප්‍රථම වස්සූප ගමනය (පළමු වස් එළඹීම) සිදුවූයේ ඇසළ පුණු පොහෝ දිනයක ය.

බු. ව. 382 දී දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රඳුන් තනන්නට මඟුල් ගල් තැබීම උත්සවශ්‍රීයෙන් සිදුකරන ලද්දේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

එසේම උතුරු සළ නැකතින් මහ සෑයෙහි ධාතු නිදානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්යය මැද සිදුවූයේ ඇසළ පුණු පොහෝ දිනයක ය.

බු. ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කර ගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුණු පොහෝ දිනයක ය.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :