අමෙරිකානු ඩොලර් මිලියන 20ක් (රුපියල් කෝටි 300 ක්) වටිනා දියමන්තියක් සොරකම් කොට මෙරටට ගෙන ඒමට උත්සහ දැරූ ලාංකිකයකු ඩුබායි පොලිස් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

ඩුබායි හී ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ලාංකිකයකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති බවයි අරාබි පුවත් සේවා වාර්තා කළේ.

කැරට් 9.33ක් වන මෙම දියමන්තිය මෙරට දුර්ලභ ගණයේ දියමන්තියක් වන අතර එය ද පොලිස් භාරයට ගෙන තිඛෙනවා.

සැකකරු සොරකම කොට වෙනත් පුද්ගලයකුගේ සපත්තුවක සඟවා මුහුදු මගින් මෙරටට එවීමට සූදානම් කර තිබූ බවයි හෙළිව ඇත්තේ.

මෙම දියමන්තිය Brilliant ලෙස නම් කර ඇති අතර ඊට අදාළව ඩුබායි පොලිසිය පරීක්ෂණ රැසක්ම ක්‍රියාත්මක කර තිබුණා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :