බිලියන 9ක් ඉල්ලා රාජ්‍ය ආයතන ඇලෝසියස්ට නඩු දමයි

භාණ්ඩාගාර බැඳුම්කර මිල ගණන් කෘත්‍රිම ලෙස ඉහළ දමමින් අයුතු ධනවත්වීමක් අත්කැරගෙන ශ්‍රී ලංකා රජයට, මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන පහකට අලාභයක් සිදු කළේ යැයි පැවසෙන ‘පර්පෙචුවල් ට්‍රෙෂරිස්’ සමාගමෙන් රුපියල් බිලියන නවයකට අධික මුදලක් අයකර දෙන්නැයි ඉල්ලා රජය සහ එම රාජ්‍ය ආයතන කොළඹ දිසා අධිකරණයේ නඩු පහක් පවරා තිඛෙනවා.

රජය වෙනුවෙන් නීතිපතිවරයා, ශ්‍රී ලංකා මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම, සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදල් මණ්ඩලය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් මෙම නඩු පවරා තිඛෙනවා.

මෙම නඩු පහ ලබන ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් මාසවල විභාග කිරීමට දිසා අධිකරණය තීරණය කරනු ලැබුවා.ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස වසර ගණනාවක් ව්‍යාපාර කටයුතුවල නියැළි ප‍ර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම විත්තිකරු කරමින් මෙම නඩු පහ පවරා තිඛෙනවා.

2015 ජූනි 03 දින හා 2016 සැප්තැම්බර් 30 දින අතර කාලය තුළදී මහ බැංකු භාණ්ඩාගාර බැඳුම්කර පැමිණිලිකාර ආයතනවලට අලෙවි කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරිස්සමාගම එම ආයතනවලට පාඩු සිදුවන අන්දමින් නීති විරෝධීව, ප්‍රාථමික අලෙවිකරණ ආචාරධර්ම හා ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කරමින් ව්‍යාපාර කටයුතුවල යෙදීම හා එම කාලය තුළ අයුතු ධනවත්වීමක් ලබාගෙන මහා පරිමාණ ලාභ ඉපැයීමට එරෙහිව මෙම නඩු පවරා ඇති බව සදහන්.

භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීමේ දී අභ්‍යන්තර තොරතුරු භාවිතා කිරීම පැමිණිලිකාර රාජ්‍ය ආයතනවලට අවාසිදායක වන අයුරින් බැඳුම්කර විකිණීමේදී වෙළෙඳ‍ෙපාළ මිල ගණන් කෘත්‍රිම ලෙස වෙනස් කිරීම, වෙළෙඳ‍ෙපාළ තොරතුරු සාවද්‍ය ලෙස ප්‍රචාරය කිරීම ඇතුළු ප්‍රාථමික අලෙවිකරුවකුට නොගැළපෙන කටයුතු කරමින් මෙම අයුතු ධනවත්වීම ලබා ඇති බව ද පැමිණිලිවල සඳහන් .

ශ්‍රී ලංකා මහ බැංකුව හරහා සේවක අර්ථසාධක අරමුදලට බැඳුම්කර අලෙවි කිරීම තුළින් රුපියල් 6989277943.63 ක අයුතු ධනවත්වීමක් ද, අ‍ලාභයක් ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනයට රුපියල් 1225009346.83 ක මුදලක් ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට රුපියල් 141739775.37 ක් ද, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට රුපියල් 129674400 වශයෙන් රුපියල් 8485701465.8 අයුතු ධනවත්වීමක් හා තවත් රාජ්‍ය ආයතනයකට කළ පාඩුව හා අලාභය අයකැර ගැනීමට මෙම නඩු පහ පවරා තිඛෙනවා.

සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය මඟින් පර්පෙචුවල් ආයතනයට පැවරූ නඩුව ඔක්තෝබර් 30 දින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නඩුව නොවැම්බර් 09 දින, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ආයතනය මහ බැංකුව පැවරූ නඩු දෙක දෙසැම්බර් 11 දින විභාග කිරීමට කොළඹ දිසා අධිකරණය දින නියම කර ඇති බව සදහන්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :